කතරගම දේවාලයේ 'බානු' CID භාරයට - පින්නවලට ගෙනයාමේ සූදානමක්

කතරගම දේවාලයේ 'බානු' CID භාරයට - පින්නවලට ගෙනයාමේ සූදානමක්

රුහුණු කතරගම මහා දේවාලයට අයත් 'බානු' නැමැති අලියා අධිකරණ නියෝගයක් මත වනජීවි දෙපාර්තමේන්තු බාරයට ගෙන තිබේ.

අවුරුදු 15ක් පමණ වයසැති එම අලියා පින්නවල ඇත් අතුරු සෙවනට බාර දීමට නියමිතය.

අද (07) පෙරවරුවේ රුහුණු කතරගම මහා දේවාලයට වනජීවි දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබූ අතර  බලපත්‍රයේ ඇති දෝෂයක් හේතුවෙන් මෙලෙස බානු අලියා පොලිස් භාරයට ගත් අතර, පසුව අලියා වනජීවි දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට නියමිතයි. 

වයස අවුරුදු 15 ක් වන බානු නැමැති අලියා රුහුණු කතරගම මහා දේවාලයට අයත් අලියෙකි. මීට පෙරද රුහුණු කතරගම මහා දේවාලයේ සමෝදි නැමැති අලියා බලපත්‍රවල ඇති දෝෂයක් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත වනජීවි දෙපාර්තමේන්තු භාරයට ගනු ලැබීය.

ආගමික සිද්ධස්ථානවල සිටින අලි ඇතුන් බලපත්‍රවල ඇති දෝෂ හේතුවෙන් වනජීවි භාරයට පත්වීම මෙරට සංස්කෘතියට බලපෑමක් එල්ල කරන බව හීලෑ අලිඇතුන් සුරැකීමේ සංවිධානය පවසයි.

කෙසේ වෙතත් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එස්.ඒ.පතිරත්න මහතා පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණවලට අදාළව අධිකරණ නියෝගයක් මත බානු නැමැති අලියා පොලිස් භාරයට ගැනීමෙන් පසු වනජීවි නිලධාරීන් විසින් මෙම අලියා පින්නවල අලි අනාථාගාරය වෙත රැගෙන යාමට නියමිතව ඇති බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment