එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම්වරයා ලෙස හිටපු පෘතුගාල අග්‍රාමාත්‍යවරයෙකු වන අන්තෝනියෝ ගුටෙර්ස් මහතා පත්වීමට නියමිත බව විදෙස් පුවත් වාර්තා සඳහන් කරයි.
බෑන්කී මූන් මහතාගෙන් පුරප්පාඩු වන එම තනතුරට ගුටෙර්ස් මහතා පත්කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් එකඟතාව පළකරනු ඇති බවත්, ඒ අනුව ඉදිරි වසරේ සිට නව මහලේකම්වරයා ලෙස ඔහු ක්‍රියා කරනු ඇති බවත් එම වාර්තා වල සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රුසියානු නියෝජිත විටලි චූර්කින් මහතා ප්‍රකාශ කොට ඇත්තේ අද (06) දිනයේදී ගුටෙර්ස් මහතාගේ පත්කිරීමට එකඟතාව විමසීම වෙනුවෙන් ඡන්දයක් පවත්වන බවත්, 15 දෙනෙකුගෙන් යුතු ආරක්ෂක මණ්ඩලයේ 14 දෙනෙකුම ඔහු පිටුපස සිටින බවත්ය.
67 හැවිරිදි ඇන්ටෝනියෝ ගුටේරස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත ඒජන්සි කාර්යාලයේ ප්‍රධානියා ලෙස වසර 10ක පමණ කාලයක් සේවය කළ අයෙකි.
0 comments :
Post a Comment