උතුරු මැද සභාවේ පිරිසක් උසාවි කැඳවයි

උතුරු මැද සභාවේ පිරිසක් උසාවි කැඳවයි

රුපියල් කෝටි 25ක් පමණ වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත්, රජයේ ප‍්‍රසම්පාදන නියමයන් උල්ලංගණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදිමට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් දූෂණ විරෝධී හඩ සංවිධානය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම වගඋත්තරකරුවන්ට ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු හා ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා විසිනි.

ඒ අනුව මෙලෙස උසාවියට කැඳවනු ලැබ ඇත්තේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා, මහ ඇමැති පේෂල ජයරත්න මහතා, පළාත් ඇමැතිවරුන් වන පුංචිබංඩා රත්නායක මහතා, කේ.එච්.නන්දසේන මහතා, අජිත් සමරකෝන් මහතා, එච්. බී.  සේමසිංහ මහතා, පළාත් ප‍්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න මහතා සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යශයේ ලේකම් අනෝමා මානෙල් මහත්මිය යන අයයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment