කොළඹ වරායේ තරුණයෙක් ගිනස් පොතට යයි (VIDEO)

කොළඹ වරායේ තරුණයෙක් ගිනස් පොතට යයි (VIDEO)

නව ගිනස් ලෝක වාර්තාවක් බිහිකිරීමට ශ්‍රී ලාංකික තරුණයෙකු ඊයේ (06) සමත් විය.

ඒ, විනාඩියකදී 12mm යකඩ කම්බි 12ක් මුඛයෙන් නවා නව ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අභියෝගයට සාර්ථකව මුහුණදෙමිනි.

මෙසේ ගිනස් වාර්තාවක් පිහිටවූයේ කොළඹ වරායේ ජය බහාලුම් අංගනයේ සේවකයකු වන හඟුරන්කෙත ජනක කාංචන මුදන්නායක මහතායි.

ඊයේ කොළඹ, මෝදර වරාය පරිශ්‍රයේ මහවැලි පුහුණු අභ්‍යාස ආයතනයේදී ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන්, ඇමැති අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් ඉදිරියේ ඔහු මෙම දස්කම දැක්වීය.

මීට පෙර රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් මුරොම්ස්කි නැමැත්තා මෙවැනි යකඩ කම්බි 12ක් විනාඩියක් තුළ හිස මත තබා නවමින් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

ජනක කාංචන අදහස් දක්වමින් කියාසිටියේ ලොව ශක්තිමත්ම දත් දෙපළේ හිමිකරු තමා බවට ගිනස් වාර්තා පොතේ සනිටුහන් කර ගැනීම තම අපේක්ෂාව වූ බවයි.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment