පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන අන්තෝනියෝ ගුටෙර්ස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළඟ මහලේකම්වරයා ලෙස පත්කිරීමට ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ එකඟතාව පළවී තිබේ.
ඔහු එම තනතුරට පත්කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාම අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
තමන්ගෙන් පුරප්පාඩුවන එම ධූරය දැරීමට සුදුසුම තැනැත්තා ගුටෙර්ස් යැයි බෑන්කී මූන් මහලේකම්වරයා ද පවසා තිබේ.
මේ අතර නව ජගත් මහලේකම්වරයාගේ පත්වීම අනුමත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ලබන සතියේ දී රැස්වීමට නියමිත බව ද විදෙස් වාර්තාවල දැක්වේ.
67 හැවිරිදි ඇන්ටෝනියෝ ගුටේරස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත ඒජන්සි කාර්යාලයේ ප්‍රධානියා ලෙස වසර 10ක පමණ කාලයක් සේවය කර ඇත.
0 comments :
Post a Comment