හාස්‍යය නොඅඩුව පිරුණු රංගනයෙන් මුළු ලොවම පිනවාලූ ‘මිස්ටර් බීන්’ හෙවත් රෝවන් ඇට්කින්සන් මෑතකදී කළ ප්‍රකාශයකින් රසික කැළ අසතුටට පත්ව තිබේ.
‘මිස්ටර් බීන්’ චරිතය නිසා තමන්ට ප්‍රසිද්ධියක් මෙන්ම වාණිජමය වටිනාකමත් ලැබුණු බව පවසන රෝවන්, දැන් එයින් ඈත්ව විවේක ගැනීම සදහා ‘මිස්ටර් බීන්’ගේ රංගනයෙන් විශ්‍රාම ගැනීමට කාලය පැමිණ තිබෙන බවත් ඔහු පවසා තිබේ.
“දැන් නම් මට එදා වගේ ඒ චරිතය හොඳින් නිරූපණය කරන්න බැහැ කියලයි හිතෙන්නෙ. දැන්, මම මැදිවියේ. මගේ පෙනුමත් ඒකට නොගැළපෙනව කියලයි හිතෙන්නෙ.”
රෝවන් එලෙස පැවසුවත් හොලිවුඩ් සිනමා විචාරකයන් පවසන්නේ මිස්ටර් බීන් හෝ වෙනත් රංගනයන්ට ඔහුගේ පෙනුමෙහි හෝ හැකියාවෙහි කිසිදු වෙනසක් සිදුවී ඇතැයි කිව නොහැකි බවයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment