”මං ඉන්නේ මහින්ද එක්කයි.. වෙලාව ආවම මහින්දට එකතු වෙනවා” – ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමති කියයි…

තමන් ඇමති ධුරයක් ගත්තද තවමත් සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග බවත් සුදුසු වේලාවට ඔහු හා එක්වීමට සූදානම් බවත් සබරගමුවේ වටිනා දිස්ත‍්‍රික්කයකින් ආ ශ‍්‍රීලනිප කැබිනට් ඇමතිවරයෙක් පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ රෝගාතුර වී සිටින ශ‍්‍රීලනිප පාක්‍ෂිකයෙකුගේ සුවදුක් බැලීම සදහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීය.ඇමතිවරයා ආණ්ඩුවට එක්වීම ගැන රෝගාතුර පාක්‍ෂිකයා නොසතුට පල කල අවස්ථාවේදී මේබව සදහන් කර තිබේ.


තමන් ඇමති ධුරය ගත්තේ තනතුරු ලෝබයකින් නොව පාක්‍ෂිකයින්ට එජාප ආණ්ඩුවකින් සිදුවන හිරිහැර ගැන සිතා බවත් ඇමතිවරයා වැඩි දුරටත් එහිදී සදහන් කර තිබේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment