වසර 2000 කට වඩා පැරණි ජේසුස් වහන්සේගේ සොහොන් ගැබ විවෘත කෙරේ (PHOTOS & VIDEO)

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මෘත දේහය මිහිදන් කර ඇති සුසානය විවර කිරීමට විද්‍යාඥයින් පිරිසක් පියවර ගෙන තිබෙනවා. මෙමගින් ඓතිහාසික වශයෙන් වැදගත් කාරණා රැසක් හෙළිකර ගැනීමට අපේක්ෂිතයි.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුසානය පිහිටා තිබෙන්නේ ඊශ්‍රායලයේ ජේරුසලම් නගරයේයි. එය වසා දමා තිබුණේ ගලින් කැටයම් කරන ලද මාබල් ඇල්ලූ ආවරණයකින්. මේ වන විට අදාළ විද්‍යාඥයින් විසින් එම මාබල් ආවරණය ඉවත් කර තිබෙනවා.

ආවරණය යට විවිධ දෑ බොහෝ ප්‍රමාණයක් තිබූ බවයි ඔවුන් සඳහන් කළේ. ජේසුස් වහන්සේගේ  සුසානය විවිර කරන ලද ප්‍රථම අවස්ථාව මෙයයි. විද්‍යාඥයින් දැන් උත්සාහ ගන්නේ සුසානයේ ජේසුස් වහන්සේගේ මෘත දේහය තැන්පත් කර ඇති ගල් පෘෂ්ඨය විවෘත කර ගැනීමටයි.

මේ සඳහා දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරෙනවා. ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් පමණ වැය වන බවයි වාර්තා වන්නේ.









Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment