ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම යද්දී තමන් අතේ මුදල් නොතිබූ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගම්පහදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියාය.
ඒ වන විට තම බැංකු ගිණුමේ තිබුනේ ලක්‍ෂ තිහක් පමණක් බවත් හිටපු ජනාධිපතිවරියක් ලෙස තමනට ලැබෙන්නට තිබූ සියළු වරප‍්‍රසාද රාජපක්‍ෂ මහතා විසින් කපා දැමූ බවද ඇය එහිදී පැවසුවාය.
ඉන් පසු ජීවත් වෙන්නට මුදල් සොයා ගැනීමට පරම්පරාවෙන් තමනට උරුම වූ ඉඩම් විකුණා දමන්නට සිදු වූ බවද කී ඇය දියණියගේ විවාහ උත්සවයට වියදම් කලේ හොරගොල්ලෙන් අක්කරයක් විකුණා සොයා ගත් මුදලින් බවද කීවාය.
තමනට අත මිට දිගහැර වියදම් කරන්නටද උවමනා නිසා දිගින් දිගටම ඉඩම් විකුණා දැමූ බවද මේ දිනවල තවත් අක්කර දෙකක් විකුණන්නට දමා ඇතැයිද ඇය වැඩි දුරටත් එහිදී පැවසුවාය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment