රජයේ වාහනයක් අවභාවිත කළැයි ඇමති ෆවුසිට නොතීසි

රජයේ වාහනයක් අවභාවිත කළැයි ඇමති ෆවුසිට නොතීසි

රජයේ වාහනයක් අවභාවිත කරමින් රජයට රුපියල් දස ලක්ෂ හැත්තෑ තුන් දහසක් වංචා කළැයි කියන නඩුවකට නොවැම්බර් 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ආපදා කළමනාකරණ හිටපු ඇමැති සහ වත්මන් රජයේ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(07) නොතීසි නිකුත් කළේය.

හදිසි ආපදා අවස්ථා සඳහා ප්‍රයෝජනයට ගැනීමට නෙදර්ලන්තයෙන්  ලැබුණු රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක් පමණ වටිනා ජීප් රියක් 2011 සිට 2014 දක්වා තම පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තේයැයි චෝදනා 4ක් යටතේ අල්ලස් කොමිසමෙන් එම නඩුව පවරා තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment