නොගැළපෙන ඇඳුමකින් මැතිසබේට පැමිණි එජාප මන්ත්‍රී ඉවතට

නොගැළපෙන ඇඳුමකින් මැතිසබේට පැමිණි එජාප මන්ත්‍රී ඉවතට

පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැළපෙන ඇඳුමකින් සැරසී පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඊයේ(27) සභා ගර්භයෙන් පිටව යන ලෙසට දැනුවත් කර තිබේ.

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී සුළු වේලාවකින් අදාළ මන්ත්‍රීවරයා තද තැඹිලි වර්ණයෙන් යුතු කමිසයක් සහ කළු සරමකින් සැරසී සභාගැබට පැමිණ තිබේ.

එහිදී පාර්ලිමේන්තු සභා ගර්භයේ සේවකයන් එම ඇඳුම සභාගැබට නොගැළපෙන බව පැවසුවද එය එතරම් ගණනකට නොගෙන ඔහු සිය අසුනේ රැඳී සිටියේය.

කෙසේවෙතත් දෙවන වරටත් සේවකයන් අදාළ මන්ත්‍රීවරයා දැනුවත් කළවිට ඔහු සභාගැබෙන් පිටවගියේය.  එසේ පිටවගියේ ආණ්ඩුපක්ෂය නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමා මහතායි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment