ශ්‍රී ලංකාවේ ප්‍රබලතම දේශපාලඥයෙකුගේ පුතෙකු විසින් කොළඹ රාත්‍රී සමාජ ශාලාවක ගැටුමක් ඇතිකරගෙන ඇති බවට මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සෙනසුරාදා දිනයේදී අලුයම 2.00ට පමණ මෙම ගැටුම ඇතිව ඇතැයි වාර්තා වේ.
සිද්ධියෙන් එම රාත්‍රී සමාජ ශාලාවේ වීදුරු දොරවල් කැඩී ඇති බවට මේ වනවිට සමාජ ජාල හරහා හුවමාරු වන ඡායාරූප වල දැක්වේ. සිද්ධියෙන් රාත්‍රී සමාජ ශාලාවේ සේවකයෙකුට තුවාල වී ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මීට පෙරද මෙම පුත්‍රයා මෙම සමාජ ශාලාවට අතිරේක දෙතුන් දෙනෙකු පැමිණ තිබේ. එදින විස්සක පමණ පිරිසක් සමග ඔහු සමග සමාජ ශාලාවේ ඇතුළට ගොස් ඇති අතර ඔවුන් පාවහන් පැළද සිටීමත්, ඇද සිටි ඇඳුම් සමාජ ශාලාවකට නොගැලපෙන නිසාත් සමාජ ශාලාව ඇතුළට යෑම ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේප කර ඇත. නැවතත් මෙම පිරිස එළියට පැමිණීමේදී 10 දෙනෙකුගෙන් පමණ සමන්විත වූ පිරිසක් සමාජ ශාලාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට පහරදි ඇතැයි වාර්තා වෙයි.
0 comments :
Post a Comment