ඖෂධ මිල සූත්‍රයට මුවා වී ඇතැම් සමාගම් ඖෂධ හිඟයක් මවා පෑමේ උත්සාහයක තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පෙරේදා (05) එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා “ඖෂධ මිල අවම කිරීමේ සුත්‍රය ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් මාධ්‍ය මගින් පෙන්වා දෙනවා දැනට අඩු මිලට අලෙවි කරන ඖෂධවල මිල මේ නිසා ඉහළ යන බව. එවැනි දෙයක් සිදු වන්නේ නැහැ. ඖෂධ වානිජ මණ්ඩලය ද දැන් මෙම මිල සුත්‍රය නිසා ගැටළුවකට මුහුණ දී සිටිනවා. ඖෂධ හිඟයක් මවා පෑමේ උත්සාහයක් තිබෙනවා. මාධ්‍ය මගින් එවිට විවේචනය කරයි. මහාචාර්ය සේනක බිබිලේ මහතාටත් එවැනි අසාධාරණකම් සිදු වුනා. එම විවේචනවලට මුහුණදීමට මම සුදානම්.”
“ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරිම සදහා පරික්ෂණාගාරයක් ඉදිකිරීම ලබන වසරේ දී ආරම්භ කරනවා. ඒ චීන රජයේ සහයෝගය මතයි. එම පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමෙන් පසු ඖෂධ වෙළෙද නාමය යටතේ වෛද්‍යවරුන් විසින් ලිවීම තහනම් කරනවා. විද්‍යාත්මක නාමයෙන් පමණක් ඖෂධ රෝගීන් වෙනුවෙන් ලිවිය යුතුයි.”
0 comments :
Post a Comment