කවර තත්ත්වයක් මත වුවද විදුලි ගාස්තු වැඩි නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අවධාරණය කරයි.
මාස 06 ක කාලය තුළ ඇති වෙතැයි සිතන නියං කාලගුණය ආදි විශේෂ තත්ත්වයන් මත විදුලිය නිෂ්පාදන වියදම ඉහල යාමට ඉඩ ඇතැයි උපකල්පනය කරන බැවින්, එම වැඩිවන වියදම ආවරණය කරුනීමට ආදායම 5%කින් වැඩිකර ගැනීම විසදුමක් ලෙස විදුලිබල මණ්ඩලය තාක්ෂණික වශයෙන් මහජන උපයෝගී කොමිසම වෙත දන්වා ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,
ලංකා විදුලිබල මණ්ඩලයේ නියාමන ආයතනය මහජන උපයෝගීතා කොමිසමයි. එම කොමිසම සමග මාස 06 කට වතාවක් ඉදිරි මාස 06 කට උපකල්පනය කරන ආදායම් හා වියදම් අනුව මණ්ඩලය මුහුණදෙන මූල්‍යමය තත්ත්වය හා ඒ පිළිබඳව ගතයුතු පියවර මොනවාදැයි යන්න ගැන අදහස් හුවමාරු කරගැනීම සාමාන්‍ය ක්‍රියාවලියකි.
2016 ඔක්තෝබර් 01 දා පටන්ගෙන 2017 මාර්තු 31 දා අවසන්වන මාස 06 ක කාලය තුළ ඇති වෙතැයි සිතන නියං කාලගුණය ආදි විශේෂ තත්ත්වයන් මත විදුලිය නිෂ්පාදන වියදම ඉහල යාමට ඉඩ ඇතැයි උපකල්පනය කරන බැවින්, එම වැඩිවන වියදම ආවරණය කරුනීමට ආදායම 5%කින් වැඩිකර ගැනීම විසදුමක් ලෙස විදුලිබල මණ්ඩලය තාක්ෂණික වශයෙන් මහජන උපයෝගී කොමිසම වෙත දන්වා ඇත.
ඒත් මේ සම්බන්ධයෙන් අවසාන ප්‍රතිපත්තිමය තීරණය ගතයුතුව ඇත්තේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙනි. මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වෙතින් අදහස් විමසා ඇති අතර එහිදී කිසිසේත්ම විදුලිබිල ඉහළ දැමීමට බලාපොරොත්තු නොවන බව අමාත්‍යාංශය විසින් දන්වා ඇත.
0 comments :
Post a Comment