වත්මන් විපක්ෂය කිසිම දෙයක් හොඳක් නොදකින නැන්දම්මෙකුට සමාන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, " අවුරුදු 70ක් වෙන්න ආවා නිදහස ලැබිලා. නමුත් අපි තාම ඇණ කොටා ගන්නවා. අපිට එක මතයක් ඉදිරිපත් කරන්න බෑ. කොයිදේකටද විරුද්ධ වෙන්නේ නැත්තේ. විරුද්ධ පක්ෂෙ කියන්නේ හරියට නැන්දම්මා වගේ. කොච්චර හොඳ කලත් උන්දැට වැඩක් නෑනේ. ලේලිගේ මොකක් හරි ඇදයක් තමයි බලන්නේ. අපේ විපක්ෂයත් එහෙම තමයි. හරි වැඩේ කියන්නේ හොඳ දේවල්වලටවත් මෙයාලා එකතු වෙන්නේ නෑ" යි පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවිධ වාද භේද අත්හැර දමා මෙරට පොදු සතුරා වන දුප්පත්කම, බඩගින්න, විරැකියාව යන කරුණුවලට එරෙහිව සියල්ලන්ම එකාවන්ව කටයුතු කළයුතුව ඇති බවයි.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment