හිරු සහ ස්වර්ණවාහිනියට පුවත බෙදාගන්නට බැරි වෙයි (VIDEO)

දෙමාපියන් විසින් අතහැර දමා ගොස් සිටින එප්පාවල ප්‍රදේශයේ ගැහැණු දරුවන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් පසුගිය දා විද්‍යුත් මාධ්‍ය කිහිපයක් විසින්ම වාර්තා කොට තිබුණා.

එහි දී එම දරුවන් දෙදෙනා මාධ්‍ය හරහා ඉල්ලා සිටියේ තමන්ට ජීවත් වීමට නිවාසයක් තනා දෙන ලෙස යි. ජන මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ දැණුවත් වූ ව්‍යාපාරිකයෙකු මෙම දැරියන් දෙදෙනාට නිවසක් තනා දීමට කටයුතු යොදා ඇති අතර වරාය අධිකාරියේ තාක්ෂණික ශිල්පීන් සහ වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් එම නිවසට අවශ්‍ය ජලය, විදුලිය සහ ගෘහ උපකරණ ලබා දීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව ඊයේ මෙම දැරියන් දෙදෙනා වෙනුවෙන් තනන නව නිවසට මුල්ගල තැබීම සිදු වූණා. කෙසේ වෙතත් මෙම නිවස තනා දීම සහ එහි මුල්ගල තැබීමේ පුවත රූපවාහිනී මාධ්‍යයන් තුළින් වාර්තා කර තිබූ ආකාරය සුවිශේෂී බවක් ගත්තා.

දැරියන් දෙදෙනා වෙනුවෙන් නිවස ඉදිකිරීමේ කාර්යය මල්ඵල දැරීම තම ගිණුම්වලට දමා ගැනීමට එම මාධ්‍ය ආයතන කටයුතු කළ ආකාරය යි දක්නට ලැබුණේ. මෙම පුවත සිය පුවත් විකාශයේ සහ පුවත් වෙබ් අඩවියේ වාර්තා කර තිබූ හිරු ආයතනය පවසා සිටින්නේ දැරියන් දෙදෙනාට නිවස ඉදිකර දීමට කටයුතු සියල්ල සැකසුණේ තම පුවත් වාර්තාකරණය හේතුවෙන් බව යි.

එමෙන්ම ස්වර්ණවාහිනී ආයතනය ද සිය පුවත් විකාශය සහ වෙබ් අඩවිය මගින් වාර්තා කර ඇත්තේ මෙම සද්කාර්යය පසුපස ඇති හේතුව තමන් විසින් වාර්තා කළ පුවත බව යි. මාධ්‍ය ආයතන අතර තරගය කෙසේ වෙතත් මෙවන් අසරණ දැරියන් දෙදෙනෙකු පිළිබඳ වාර්තා කිරීම සහ ඔවුනට නිවාසයක් ඉදිකර දීමට දායක වූ සියලු දෙනාම අගය කළ යුතු බව ද සඳහන් කළ යුතු යි.

ස්වර්ණවාහිනී සහ හිරු නාළිකා එම පුවත වාර්තා කර තිබූ ආකාරය පහතින්....


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment