රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්‌වා දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.
ජාතික සේවක සංගමය මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
2017 අයවැය මගින් වැඩ කරන ජනතාවට ලබාදෙන සහන සම්බන්ධව ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමැති රවි කරුණානායක යන මහත්වරුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඉන් අනතුරුව මෙම යෝජනාව ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කර තිබෙන බව එම සංගමය නිවේදනය කරයි.
වයස අවුරුදු 60 සම්පුර්ණවිම හේතුවෙන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් රැසක් ඉදිරි මාස කිහිපය තුලදී විශ්‍රාම යාමට නියමිතය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment