චිකාගෝ වේදී යානාවක් ගිනි ගනී (වීඩියෝ)

අමෙරිකාවේ චිකාගෝහි ඔහේයර් ගුවන්තොටුපලේදී ගුවන්යානාවක් ගිනිගෙන තිබෙනවා.

මෙලෙස ගිනිගෙන ඇත්තේ අමෙරිකානු ගුවන් සමාගමට අයත් ගුවන්යානාවක්. මෙම අනතුර සිදුව ඇත්තේ එරට වේලාවෙන් පස්වරු 2.30ට පමණයි.

මෙලෙස ගිනිගෙන ඇත්තේ බෝයින්ග් බී 767 වර්ගයට අයත් ඇමෙරිකානු ගුවන් යානාවක්. අදාළ යානාව ගුවන්ගත කිරීමට යාමේදී එම යානාවේ ටයරයක් ගිනි ගෙන තිබෙනවා.

පසුව එම ගින්න යනාවේ එන්ජිම දක්වා ව්‍යාප්ත වී ඇති අතර පසුව යානාවේ එන්ජිම මුළුමනින්ම විනාශවී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ගින්න ඇති වූ අවස්තාවේදී යානාවේ ගුවන් නියමුවන් විසින් යානාව ගොඩබැස්සවීමට පියවර ගෙන තිබෙනවා.

අනතුර සිදුවන අවස්තාවේදී යානය තුල මගීන් 170 දෙනෙකු සිට තිබෙනවා. ඒ අතරින් පුද්ගලයින් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment