හදිසියේ දඹුල්ලට ගිය ඇමතිට කොමසාරිස්වරියගේ වැඩ මාට්ටු වෙයි (VIDEO)

හදිසියේ දඹුල්ලට ගිය ඇමතිට කොමසාරිස්වරියගේ වැඩ මාට්ටු වෙයි (VIDEO)

මහජන නියෝජිතයින් නොමැතිව කොමසාරිස්වරුන් යටතේ පවත්වාගෙන යන පළාත් පාලන ආයතනවල ප්‍රගතිය පැහැදිලි කිරීමට ඊයේ (03) පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

ඒ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී නාගරික කොමසාරිස්වරිය යටතේ දඹුල්ල නගරය පාලනය වන අකාරය පිළිබඳ  සාකච්ඡාවට ලක්වූ අතර අමාත්‍යවරයා දඹුල්ල නගරයේ නිරීක්ෂණ චාරිකාවකද නියැලිණි.

එහිදී නගරය වඩාත් ගුණාත්මක ලෙස පවත්වාගෙන යන බවට අමාත්‍යවරයා පළමුව ප්‍රකාශ කළ ද නගරයේ සංචාරය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා පැවසුවේ මහජන සුබ සාධනය සදහා දඹුල්ලට වෙන් කළ මුදල් නිසි පරිදි එම කටයුතු සඳහා යොදවා නොමැති බවයි.

මේ අතර දඹුල්ල නගරයේ වෙළඳ ව්‍යාපාරිකයින් ඊයේ කඩසාප්පු වසා දමමින් දඹුල්ල නගර සභාවට විරෝධය පළ කිරීමක් ද සිදුකළේය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment