ඩොලරය 150 සීමාවට ඉහල යයි

ඩොලරය 150 සීමාවට ඉහල යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (02) රුපියල් 150 ඉක්‌මවා ගොස් තිබේ.

මේ අනුව ඊයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 150.01 ක්‌ වූ අතර පෙරේදා (01) එම අගය රු. 149.80 ක්‌ විය.

පසුගිය කාලයේ රජයේ බලධාරීන් අමෙරිකානු ඩොලරයක අගය රු. 147 ක පමණ මට්‌ටමේ ස්‌ථාවර වී ඇති බව පැවසුවද පසුගිය දිනවල දිගින් දිගටම රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව පිරිහීමට ලක්‌ වී ඩොලරයක රුපියල් අගය රු. 150 ද ඉක්‌මවා ගියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment