18වංගුවේ දී අැල්ලූ අමානුෂික ජාවාරම (VIDEO)

නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් මීට සුළු මොහොතකට පෙර හසලක - 18 වංගුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ලොරි රථය තුළ ගවයින් 15ක් පමණ දෙපා ගැට ගසා එක මත එක අමානුෂික ලෙස පටවා තිබී ඇති අතර පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථය නවතා ගැනීම සඳහා පොලීසිය විසින් වෙඩි ප්‍රහාර ද එල්ල කර ඇති බව වාර්තා වේ.

මෙම ගවයින් මහියංගණය - පඟරගම්මන සහ බිබිල - මැදගම ප්‍රදේශයන්හි සිට ගෙනැවිත් ඇති අතර වැටලීම සිදු කොට ඇත්තේ මහනුවර විශේෂ පොලිස් ඒකකයක් මගිනි.

මහියංගණ සහ හසලක පොලිස් බල ප්‍රදේශ හරහා ප්‍රවාහනය සිදු කරනු ලබන මෙම අමානුෂික ගව ජාවාරම බොහෝ කලක සිට සිදුවන්නක් බවට ප්‍රදේශවාසීන් චෝදනා නගන අතර දිගන, මැණික්හින්න සහ මඩවල ආදී ප්‍රදේශයන් වෙත මෙම ගවයින් ප්‍රවාහනය සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම දිගුකාලීන ජාවාරම හසලක පොලීසිය දැනුවත්ව සිදුවන්නක් බවටත්, එම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අල්ලස් ලබාගෙන මෙම ජාවාරම සිදු කිරීමට ඉඩ දී ඇති බවටත් ප්‍රදේශවාසීන් චෝදනා නගති.

එමෙන්ම මහියංගණ පුදබිම අවට ප්‍රදේශවල මෙවැනි අමානුෂික ජාවාරම් සිදුවීම කිසිසේත් නොසුදුසු බවටත් ඒවා වැලැක්වීම සඳහා පොලිස් මුරපොලක් ස්ථාපිත කරන ලෙසටත් හසලක ජනතාව ඉල්ලා සිටිති.

ඡායාරූප පහතින් > > > 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment