හෙටින් පසු නිරිත දිග ප්‍රදේශවලට වැසි අඩුවන ලකුණු

හෙටින් පසු නිරිත දිග ප්‍රදේශවලට වැසි අඩුවන ලකුණු

දිවයිනට දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් අද (08) රාත්‍රී කාලයේත් පළාත් රැසකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ පැහැදිළි කළ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා ප්‍රකාශ කළේ හෙට (09) දිනයේ සිට දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පහව යා හැකි බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද දහවල් දිස්ත්‍රික්ක 04කට නායයෑමේ අවදානමක් ද නිකුත් කර තිබේ.                          

අද පෙරවරු 8.30න් අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දිවෙල ප්‍රදේශයෙන් වන අතර එය මිලිමීටර් 134 යි දශම 2කි.

එම දිස්ත්‍රික්කයේ අක්මීමන, හික්කඩුව, හබරාදුව, ඉමදූව, කඩවත්සතර, බොපේ - පෝද්දල, නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 841කට අයත් පුද්ගලයන් 3600කට වැඩි පිරිසක් වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

මේ අතර, නිල්වලා ගඟේ ජල මට්ටම ද තරමක් ඉහළ ගොස් ඇති අතර, මාතර දිස්ත්‍රික්කයේ පහත්බිම් කිහිපයක් ද ජලයෙන් යට වී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී රියදුරන් දැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment