කිලිනොච්චියේ 20,000කට රැකියා නෑ - ඉගෙනගෙන ඇත්තේ 4000යි

කිලිනොච්චියේ 20,000කට රැකියා නෑ - ඉගෙනගෙන ඇත්තේ 4000යි

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි වූ තරුණ තරුණියින් 20,000ක පමණ පිරිසකට රැකියා නොමැති බවටත් එම පිරිසෙන් යන්තමින් හෝ අධ්‍යාපනයක් ලබා ඇත්තේ 4000ක පමණ පිරිසක් බවටත් තමන්ට කිලිනොච්චිය දිසාපතිවරයා දැනුම් දුන් බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේ වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරු පලාත් ස්වයං රැකියා සම්බන්ධයෙන් උතුරේ රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මෙම රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ," අද අපි ජීවත් වෙන ගෙදරදී යම් කිසි පුද්ගලයෙකුට පුලුවන්නම් ස්වයං රැකියාවක් කරලා මාස් පතා මුදල් උපයාගන්න එය තමයි වටින්නේ. එ් නිසා අපි 2017 අවුරුද්දට හෙට අනිද්දා ඉදිරිපත් කරන අයවැයෙන් රැකියා විරහිත තරුණ තරුණියන්ට ලොකු බලාපොලරොත්තුවක් දෙන්න කටයුතු කරනවා. ඒ අයට පුහුණුවක් ලබාල දෙනවා විතරක් නොවෙයි, ඒ පුහුණුව ලබන කාල සීමාව තුළ ඒ අයට යම් කිසි දීමනාවක් දෙන්නත් මේ අයවැයෙන් මුදල් වෙන් වෙයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඒ ගැන මුදල් ඇමතිතුමත් සමඟ මම කතා කළා. එතුමත් සඳහන් කලේ මේ අයවැයෙන් මෙම කාර්යකිරීමට යම්කිසි මුදලක් වෙන් කිරීමට බලාපොලරොත්තු වන බවයි" යනුවෙනි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment