ගුරුවරු 350ක් පමණ අඩු මානසිකත්වයෙන් පෙළනෙවා

ගුරුවරු 350ක් පමණ අඩු මානසිකත්වයෙන් පෙළනෙවා

අඩු මානසිකත්වයෙන් පෙළෙන ගුරුවරුන් 350ක් පමණ බස්නාහිර පළාතේ පාසල්වල සිටින බවත් ඔවුන් වෙනුවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇති තත්ත්වයක් උදාවී ඇති බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා හෝමාගම මහා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, " සමහර පාසල්වල සිටින ගුරුවරුන් ළමයින්ට අසභ්‍ය වදනයෙන් බනිනවා. මේ ගුරුවරු වෛද්‍ය පරීක්ෂණයකට යොමුකළාම වෛද්‍ය වාර්තාව එන්නේ ඔවුන්ගේ මානසිකත්වය හොඳ මට්ටමක තියෙනවා කියලා. මෙවැනි ගුරුවරුන් පිළිබඳව අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ක්‍රියාමාර්ගයක් ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මේක අධ්‍යාපනයේ අපි නොදකින පැත්තක්. ඒ නිසා අදාළ බලධාරීන් මේ පිළිබඳව සොයාබැලිය යුතුයි " යනුවෙන් කියාසිටියේය.

මෙම උත්සවය සංවිධානය කර තිබුණේ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මගිනි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment