ජීවිත 5ක් බිලිගත් වාද්දූවේ දුම්රිය අනතුර (VIDEO)

ජීවිත 5ක් බිලිගත් වාද්දූවේ දුම්රිය අනතුර (VIDEO)

ඊයේ (27) වාද්දුව, පොතුපිටිය – පෝද්දර මුල්ලේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 05දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂාවට සිටි මුරකරුගේ උපදෙස් නොපිළිපදිමින් නොසැළකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුව බවයි.

එමෙන්ම මෝටර් රථය පැදවූ පුද්ගලයා දුම්රිය මුරකරුගේ අණ නොපිලිපදිමින් ඔහු යටකිරීමට උත්සාහ කර ඇති බවට ද පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ඇත.

පෝද්දරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී මාතර සිට කොළඹ - කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ 05දෙනා කළුතර - උතුර, කුඩා වස්කුඩුව සහ වාද්දුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඔවුන් අවුරුදු 43 - 60 ත් අතර වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දුම්රිය සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ඊයේ පස්වරුවේම අදාළ ස්ථානයට ගිය බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසූ අතර ඔහු කියා සිටියේ සහකාර සාමාන්‍යාධිකාරීවරයාගේ වාර්තාව අද (28) පෙරවරුවේ දුම්රිය සාමාන්‍යකාරී වෙත ලබාදීමට නියමිත බවයි.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment