කෑම ඔතන රෙජිෆෝම් පෙට්ටි - පොලිතින් 2017 තහනම්


ජනතාවගේ සෞඛ්‍යයට හා පරිසරයට හානිකරන අවම ප්‍රමිතියෙන් යුත් කෑමවර්ග ඔතන පොලිතීන් කොළ, රෙජිෆෝම් කෑම පෙට්ටි, ප්ලාස්ටික් වතුර හා බීම බෝතල තහනම් කිරීමට අදාළ නීතිමය පියවර 2017 වසරේ ක්‍රියාත්මක කරවන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ කේ. එච්. මුතුකුඩආරච්චි මහතා දන්වයි.

2016 වසර තුළදී භාවිතා කිරීමට

අවසර තිබූ මයික්‍රෝන 20ට අඩු පොලිතීන් වර්ග විකුණූ හා ගබඩා කර තිබූ වෙළෙඳ ආයතන දහසක් අල්ලාගත් බවත්, ඉන් 500කට දැනටම නඩු පවරා ඇති බවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පරිසර ඇමැතිවරයා ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයක් අනුව පත්කරන විශේෂඥ කමිටුවක නිර්දේශ අනුව මයික්‍රෝන 40ට අඩු පොලිතින්
භාවිතයද 2017දී තහනම් කරනු ඇති අතර පොලිතින් වෙනුවට ප්ලාස්ටික් හා දිරායන ප්ලාස්ටික් භාවිතා කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරෙන බවද දන්වා ඇත.

 කෙසේ වෙතත් ඒ සඳහා සූදානම්වීමට ජනතාවට සහන කාලයක් ලැබෙනු ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment