ජයවර්ධනපුර රෝහලේ ලෙඩුන්ගේ ගිලන් රියෙන් මළ මිනී ගෙනිහින්



ගිලන් රථ භාවිත කරනුයේ අසනීප තත්ත්වයෙන් පසුවන රෝගීන් ප්‍රතිකාර කටයුතු සඳහා ප්‍රවාහනය කිරීම පිණිසය. ගිලන් රථවලින් මළ මිනී ගෙන යෑම
නීතියෙන් තහනම් කර ඇත්තේ
මළ මිනීවලින් විස බීජ නිකුත් වන බැවිනි.

ඉකුත් 23 වැනිදා උදෑසන 7.30ට පමණ ජයවර්ධනපුර රෝහලේ හදිසි අනතුරකට පත්ව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගොස් තිබේ. හදිසි මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට එම රෝහලේ ඇති ගිලන් රථයක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ජයවර්ධපුර රෝහලේ කාර්ය මණ්ඩලය ද මෙම ක්‍රියාවට තම විරෝධය පළ කර තිබියදී රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය මෙම මෘත දේහය ගිලන් රථයෙන් ගෙන යෑම සඳහා තම අස්සනින් යුතුව ලිඛිත අවසරය ලබා දී ඇත.

උදෑසන 7.30ට පමණ මිය ගිය පුද්ගලයාගේ දේහය කළුබෝවිල රෝහල වෙත ගෙන යන විට සවස 5.00 දක්වා ප්‍රමාද වූ බවත් මිය ගිය රෝගියා වෙනුවෙන් ජයවර්ධනපුර රෝහලට රුපියල් ලක්ෂ 07කට වැඩි මුදලක් ද ගෙවීමට සිදුවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

(නිට්ටඹුව - විජේපාල කොඩිතුවක්කු)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment