'ඕනෑම පරීක්ෂණයකට සූදානම්' - මාළඹේ රෝහලෙන් නිවේදනයක්  

'ඕනෑම පරීක්ෂණයකට සූදානම්' - මාළඹේ රෝහලෙන් නිවේදනයක්  

මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුව ජීවිතක්ෂයට පත්වූ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් එම රෝහල නිවේදනයක් නිකුත් කර තිබේ. 

එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් රෝහලේ කිසිඳු අතපසුවීමක් සිදුව නොමැති බවත් කිසිදු නොසැලකිලිමත්භාවයක් සිදුව නොමැති බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එසේම මරණය පිළිබඳව පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට තමන් සූදානම් බවද එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතු නිවේදනයේ දැක්වෙයි. 

සෑම විටම තම පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා මහජනතාව බිල්ලට තබා කටයුතු කරන මෙම කණ්ඩායම් රෝගීන් පමණක් නොව මියගිය අයවලුන් පවා මෙසේ තම පහත් අභිමතාර්ත ඉටු කර ගැනීම සඳහා යොදා ගැනීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම නිවේදනය පහතින්,

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment