සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට 

සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට 

පෞද්ගලික බස් වර්ජනය පැවති පසුගිය 02වනදා අධිකරණ නියෝග කඩකරමින් මීගමුව, ගල්කන්ද, දුම්රිය හරස් මාර්ගයේ විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් එක්සත් නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන තිබේ. 

මන්ත්‍රීවරුන් දෙදෙනා නීතීඥවරුන් මාර්ගයෙන් අද(26) පෙරවරුවේ මීගමුව පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා මේ වනවිට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතාවයේ නිරතවීම මෙන්ම පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන්ද ඔවුන්ට චෝදනා එල්ලවී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment