වෙරළේදී නෙදර්ලන්ත කතට අතවර කළ තරුණයා හුංගම පොලිස් කූඩුවේ



හැට එක් හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක හුංගම, කලමැටිය මුහුදු වෙරළේදී බරපතළ ලිංගික අතවරයකට ලක් කළ 26 හැවිරිදි තරුණයකු හුංගම පොලිසිය මඟින් ඊයේ (25දා) අත්අඩංගුවට ගෙන ඇත.
මේ විදේශ ජාතික කාන්තාව
මුහුදු වෙරළේ පෙරේදා (24දා) පෙරවරු 8.30ට පමණ ඇවිදිමින් සිටියදී පැත්තකට ඇදගෙන ගොස් සැකකාර තරුණයා මෙම අතවරය සිදුකර තිබූ බවට හුංගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.
ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවද පොලිසිය පවසයි.
විදේශික කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇත.
තෙදින නිවාඩුවක් සඳහා එම කාන්තාව පෙරේදා (24දා) මෙරටට පැමිණ තිබේ.
තංගල්ල පොලිස් කොට්ඨාසයේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධනපාල අබේවික්‍රම, සහකාර පොලිස් අධිකාරි බී. එම්. එම්. දසනායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත හුංගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. බී. සී. ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත විමර්ශන සිදු කරයි.

(හම්බන්තොට-රාහුල් සමන්ත හෙට්ටිආරච්චි /අඟුණකොළපැලැස්ස - අශෝක කහඳුගොඩ)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment