අයවැය අතලඟ: මැතිසබයට කෝටි 5103ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌

අයවැය අතලඟ: මැතිසබයට කෝටි 5103ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌

අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කිහිපයක්‌ සඳහා මේ වසරට (2016) පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල ප්‍රමාණවත් නැතැයි පවසමින් අමතර රුපියල් කෝටි පන්දහස්‌ එකසිය තුනකට අධික මුදලක්‌ ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර තිබේ. 

වසර අවසන් වීමට මාස දෙකක කාලයක්‌ සහ මීළඟ වසර අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක්‌ ඉතිරිව තිබියදී මෙම කෝටි පන්දහසකට අධික මුදල ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් වෙනුවෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීම සඳහා ද රුපියල් දහඅටකෝටි පනස්‌ දෙලක්‍ෂයක මුදලක්‌ මෙම පරිපූරකය මගින් ඉල්ලා ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශයට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් ලක්‍ෂ තිහක්‌, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයට, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට සහ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශයට රුපියල් හාරකෝටි තිස්‌ලක්‍ෂය බැගින් හා විදේශ රැකියා අමාත්‍යාංශයට රුපියල් පනස්‌ ලක්‍ෂයක්‌, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් විසිදෙලක්‍ෂයක්‌, අස්‌ගිරි මහානාහිමි වෙනුවෙන් රුපියල් එක්‌කෝටි නවලක්‍ෂයක්‌ වාහන වෙනුවෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව වියට්‌නාමයෙන් සහල් අපනයනය කිරීමේදී සිදුවූ පාඩුව කපා හැරීම සඳහා රුපියල් තුන්කෝටි පහළොස්‌ ලක්‍ෂයක්‌ ද, ලංකා සතොසට වූ පාඩුව මහා භාණ්‌ඩාගාරයෙන් ප්‍රතිපූර්ණය කිරීම සඳහා රුපියල් විසිකෝටි අසූලක්‍ෂයක්‌ ද, කාන්තා හා ළමා කටයුතු ඇමැති නිල නිවසට ලී බඩු මිලදී ගැනීම සඳහා රුපියල් එක්‌කෝටි එක්‌ලක්‍ෂයක්‌ ද, එල්ෆින්ස්‌ටන් රඟහල නවීකරණය සඳහා රුපියල් දාහතර කෝටි දොළොස්‌ ලක්‍ෂයක්‌ ද මෙම පරිපූරකය මගින් ඉල්ලා තිබේ.

අදාළ පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment