මන්තරය කියාගෙන ආ පුද්ගලයාව වන අලියා මරා දමයි(video)

https://www.gossiplankanews.com/2019/01/video-wild-elephant-yala.html#more
වෙහෙරගල ජලාශයට ආසන්න, කතරගම යාල 3 කලාපයේ පුද්ගලයෙකු වන අලියෙකු මෙල්ල කිරීමට ගමන් කර මන්තර ජප කරමින් සිටියදී අලියා ඔහුව පාගාදැමීමෙන් මරු දැකීමේ අවාසනාවන්ත සිද්ධියක් පසුගියදා වාර්තා විය.
මෙම මියගිය පුද්ගලයා දේශීය සංචාරකයින් පිරිසක් සමඟ
වන සතුන් බැලීමට ගිය අයෙකි.

සිද්ධිය අවස්ථාවේ මං මන්තරයක් කියල අලියා එළවලා දාන්නම් කියා කිසි කරදරයක් නැතිව පැත්තක සිටි අලියා දෙසට ඔහු ගමන් කරද්දී ඔහුට යන්න දෙන්න එපා ලෙසද ඇතැම් අය කියා තිබේ. නමුත් ඔහු එයට පුරුදු කාරයෙකු බව දක්වමින් අනෙක් අයට තම හැකියාව පෙන්වන අටියෙන් මන්තර කියාගෙන අලියා සමීපයටම ගමන් කර තිබේ.

එම අවස්ථාවේ කලබලයෙන් ඔහු වෙත එන අලියා මෙම පුද්ගලයාව බිම පෙරළා පාගා දමන අතර එම සිදුවීම හේතු කොට ඔහු මරණයට පත්වූ බවද වාර්තා විය. 
41 හැවිරිදි කතරගම - වල්ලිමාතාගම ප්‍රදේශයේ  එල්. ඒ. සුසන්ත මෙම සිද්ධිය නිසා මියගියේය.
 අලියා මෙල්ල කරන්නට ඔහු බැසගිය කලාපය වාහන තුළ සිට නිරීක්ෂණය කිරීමට පමණක් සීමා වූ බැසයාමට තහනම් කලාපයක්ද විය.
පසුගිය මස 18 වන දින සවස සිදුව තිබූ මෙම සිද්ධියේ වීඩියෝ දර්ශනයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත යොමුවී තිබේ. එය පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment