‘මරණය පමණක් ස්ථිර‘ බවට ෆේස් බුක් මගින් මිතුරන්ට දන්වා ජීවිතයෙන් සමුගත් පෑලියගොඩ සඳමාලි


‘මරණය පමණක් ස්ථිර‘ බවට
ෆේස් බුක් මගින් මිතුරන්ට දන්වා

ජීවිතයෙන් සමුගත් පෑලියගොඩ සඳමාලි


පෑලියගොඩ පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 35 ක් වූ අවිවාහක තරුණියක පසුගියදා පුද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන සිය දිවි නසාගෙන මියගොස් තිබුණා. සිසු දරුවන්ට අමතර පන්ති පවත්වන
ගුරුවරියකවූ ඇය


මියයන්නට හේතුව නිශ්චිතවම සඳහන් කර නැතත් ඒ බව ඉඟි කරන ෆේස් බුක් පණිවිඩයක් මිතුරන්ට තබා තිබුනේ
‘සිහිනයකි අතීතය, කඳුලකි වර්තමානය, මායාවකි අනාගතය, ස්ථිරය මරණය‘ යනුවෙනි.

ඇය නිවසේ මව හා සොයුරෙකු සමග දිවි ගෙවූ බවත් පසුගිය දිනවල කිසියම් කලකිරීමකින් පසු ලියුමක් තබා දිවිතොරකරගෙන තිබුණ බවත් වාර්තා වුණා.

ඇය ඇගේ සියලු වත්කම් මවට ලබාගන්නට යයිද මේ මරණයට කිසිවෙකු වගකිව යුතු නැතැයිද එම ලියුමේ ලියා තිබී ඇත.
ඇයගේ අසම්පූර්ණ කතාව ගැන ෆේස් බුක්හි පළවන විස්තර පහත පරිදිය.




Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment