පිල් මාරුව ගැන අලුත් පක්ෂයෙන් නීතියක් - මුල්ම සාමාජිකත්වයට බැසිල්ගේ නමත් 

පිල් මාරුව ගැන අලුත් පක්ෂයෙන් නීතියක් - මුල්ම සාමාජිකත්වයට බැසිල්ගේ නමත් 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ සාමාජිකත්වය ලබාගන්නා කිසිවෙකුටත්, වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත නොහැකි බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නව පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බවත්, එම කටයුතු සිදු කරන අතරතුර එකවර සාමාජිකයන් ලක්ෂ 10 ක් බඳවා ගැනීමට සැලසුම්කර තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට සිටින විශාල පිරිසක් වෙනත් පක්ෂවල සාමාජිකයන් බවත් මෙම පිරිස් නව පක්ෂයේ සාමාජිකයන් බඳවා ගැනීම ආරම්භ කළ මොහොතේම සාමාජිකත්වය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නව පක්ෂයේ සාමාජිකයන් බඳවා ගන්නා අවස්ථාවේදී මුලින්ම සාමාජිකත්වය ලබාගැනීමට සිටින කණ්ඩායමේ තමාද සිටින බව හෙතෙම කියා සිටියේය.

නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගන්නා වෙනත් පක්ෂවල සාමාජිකයන්ගේ සාමාජිකත්වය අහෝසි කරදැමීමෙන් හෝ වෙනත් ආකාරයේ මර්දන ක්‍රියා තුළින් නව පක්ෂයේ ගමන වැළැක්වීමට නොහැකි බව ඔහු පැවසී ය. 

නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගන්නා නායකයන් අත්අඩංගුවට ගෙන සිරගත කරන බවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර තිබෙන බවත් මේ අනුව ඉදිරියේදී එකවර ලක්ෂ 10 ක් සිරගත කිරීමට සිදුවන බවත් බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment