විපක්ෂ නායකවරයා මියගිය සරසවි සිසුන්ගේ දෙමාපියන් හමුවෙයි (PHOTOS)

විපක්ෂ නායකවරයා මියගිය සරසවි සිසුන්ගේ දෙමාපියන් හමුවෙයි (PHOTOS)

පසුගිය ඔක්තොම්බර් මස 20 වැනිදා යාපනය කුලප්පිඩ්ඩි මංසන්ධියේදී මියගිය සරසවි සිසුන් දෙදෙනාගේ දෙමව්පියන් හා ඥාතීන් හමුවී ඔවුන් සමඟ කතාබහ කිරීමට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා එම නිවෙස් වෙත ගොස් තිබේ.

එ් අනුව විපක්ෂ නායකවරයා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සර්වනබවන් මහතා ද සමඟ පළමුව යාපනය, චුන්නාකම්හි පදිංචිව සිට මියගිය විජයකුමාර් සුලක්ෂණ සිසුවාගේ නිවස වෙත ගොස් ඇති අතර එහිදී විජයකුමාර් සුලක්ෂණ සිසුවාගේ දෙමව්පියන් සමඟ සාකච්ඡා කර ඇත.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා සමඟ විපක්ෂ නායකවරයා කිලිනොච්චි භාරතීපුරම්හි පදිංචිව සිට මියගිය නඩරාගජන් සිසුවගේ නිවස වෙතට ද ගොස් එම සිසුවාගේ දෙමව්පියන් සමඟ සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡාවේදී සිසුන් දෙදෙනාගේම දෙමව්පියන් හා ඥාතීන් වෙත විපක්ෂ නායකවරයා දැනුම් දී ඇත්තේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් තමන් මෙන්ම තම පක්ෂයේ හා රජයේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් මෙම සිදුවීම සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණයන් කඩිනමින් සිදුවන නිසාවෙන් වරදකරුවන්ට ඉතා ඉක්මනින් දඬුවම් ලැබෙනු ඇති බවත් එහි පරීක්ෂණ වාර්තාවලින් අනතුරුව ජනාධිපතිතුමන් සමඟ සාකච්ඡා කොට සිසුන්ගේ මියයාම් සම්බන්ධයෙන් ලබාදෙන වන්දි මුදල් ලබාදීමට කඩිනම් පියවර ගන්නා බවත්ය.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment