පොලිස්පති ජාත්‍යන්තර පොලිස් සමුළුවට

පොලිස්පති ජාත්‍යන්තර පොලිස් සමුළුවට

85 වන ජාත්‍යන්තර පොලිස් සමුළුව අද (07) සිට ලබන 10දා දක්වා ඉන්දුනීසියාවේ බාලී නගරයේ දී පැවැත්වේ.

රටවල් 190ක පොලිස් ප්‍රධානීන් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගිවනු ඇත.

මෙම සමුළුව පැවැත්වෙන කාලසීමාව තුළ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඕස්ට්‍රේලියා, ඉන්දුනීසියා සහ ජපාන පොලිස්පතිවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

පොලිස්පතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් පරිපාලන සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment