'රට යන අත වැරදියි කියා රනිල්ට ඕන තරම් කිව්වා' - රනිල්ගේ සොහොයුරු ශාන් හෙළි කරයි

'රට යන අත වැරදියි කියා රනිල්ට ඕන තරම් කිව්වා' - රනිල්ගේ සොහොයුරු ශාන් හෙළි කරයි

මේවන විට රට යන විදිය වැරැදි බවත් ඒ පිළිබඳ තමා ඕනෑ තරම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇති බවත් අගමැතිවරයාගේ සොහොයුරු, ටීඑන්එල් ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ යන ක්‍රමය ප්‍රශ්න ගොඩකට මුල විය හැකි බවද සිළුමිණ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශාන් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

දේශපාලනික බලය තිබෙන මොහොතක ඉන් ප්‍රයෝජන ගෙන TNL ආයතනය ජනප්‍රිය සහ ලාභ ලබන තැනක් බවට පත් නොකරන්නේ ඇයි දැයි එහිදී මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ “මොකටද....? මං මගේ වැඩ, රනිල් එයාගෙ වැඩ. මල්ලි අගමැති වුණා කියලා එයාගෙ බලය මට අවශ්‍ය නැහැ. අපිට ඇඩ්ස් ලැබෙනවට වඩා අහිමි වෙනවා වැඩියි මේ කතාව නිසා. ‘අනේ අපි TNL එකට ඇඩ් දුන්නොත් කියයි ෆේවර් කළා කියලා....’ කට්ටියක් එහෙම කියනවා. ඇඩ් වැඩිවුණොත් ‘ආ ඔය මල්ලිගෙ බලය පාවිච්චි කරලනේ....’ තව කට්ටියක් එහෙම කියනවා. ඒ නිසා මේ යන මධ්‍යම ප්‍රතිපදාව මට හොඳයි.“

ව්‍යාපාරික සාදවලදි තමා වැඩිය නොදකින්නේ එම සාදවලට සහභාගී නොවන නිසා බවත් අත්‍යාවශ්‍යම දේකට හැර වෙන කිසිම සාදයකට තමා නොයන බවත් සඳහන් කර ඇති ශාන් වික්‍රමසිංහ මහතා තමන් ලෝකෙ වටේ ගොස් අවසන් බැවින් මේවන විට පාස් පෝට් එකක්වත් නොමැති බවද පෙන්වා දී ඇත.

අගමැතිතුමාගේ සහෝදරයා, මාධ්‍ය ආයතනයක ප්‍රධානියා ලෙස ආරක්ෂක නිලධාරීන් නොසිටීම පිළිබඳ මාධ්‍යවේදීයා නැගූ ප්‍රශ්නයකදී ඊට පිළිතුරු දෙමින් ශාන් වික්‍රමසිංහ මහතා කියා සිටියේ “රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන මේ රබර් වතු මැදින් කඩේට යන, ඕනෙ වුණොත් පාන් ගෙඩියකුත් සිලි මල්ලෙ දාගෙන එන මං වගේ මනුස්සයකුට මොන සිකුරුටිද... සමහරුන්ට නම් වැසිකිලි යන්නත් සිකුරිටි ඕනේ. මට එහෙම ප්‍රශ්නයක් නැහැ.“  

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment