අයවැය සම්මත වු වහාම කැබිනට් සංශෝධනයක්! රනිල් තටු කැපිමේ මෙහෙයුමක

අයවැය සම්මත වු වහාම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරිමට ජනාධිපතිවරයා තින්දුවක් ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ බත් බැලයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරනය කර තිබේ.එක්සත් ජාතික පක්ෂ නායක ගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේද නිර්දේශ  මත මෙම වෙනස්කම් කිරිමට කටයුතු යොදවා ඇති අතර රනිල් විරෝධි පිළේ කිහිප දෙනෙකුගේම ඇමතිකම් වල විශාල වෙනස් විමක් සිදුවිමට ඉඩ ඇති බවද ඔහු අනාවරණය කර තිබේ.

රැකියා සහ උසස්වීම්, ටෙන්ඩර් ලබාදීම්, රජයේ දේපළ අවභාවිතය ඇතුළු කරුණු සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ප්‍රබල සාක්ෂි සහිතව පැමිණිලි රැසක් ලැබී ඇති බවත් ඒවා මාධ්‍ය මඟින්ද අනාවරණය කර තිබීම නිසා යහපාලනය තහවුරු කිරීමට කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සැලකිල්ල යොමුවු බවයි මෛත්‍රී පිළේ සමාජිකයා අනාවරණය කර ඇත්තේ.

අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීම නිතිපතා මගහරින ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය අවධාණය යොමුකර ඇති අතර ඇතැම් අමාත්‍යවරුන් ඔවුන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු නොකරන බවට ද තොරතුරු වාර්තා විමත් සමග අදාල අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡා කර ඇති අතර ඒ අනුව කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරිමට එකඟතාවයක් ඇතිකරගෙන තිබේ.

මේ අතර ඊයේ සඳුදා රාත්‍රීයේ සිරිසේන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ සාකච්ඡාවේදි  කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන්නේද යන්න ජනාධිපතිවරයාගේන් කල විමසිමකදි හිට්ලර් පන්නයේ පිළිතුරක් සිරිසේන ලබාදි තිබේන බව එම ප්‍රශ්ණය යොමුකල ශ්‍රීලනීප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරය අප වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳව තමන් ගත් තින්දුව අවසාන මොහොත දක්වා කිසිවෙකු සමග හෙලිනොකරන බවත් ඒ සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්ණ නොකරන ලෙසද තදින් කියා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනකුට එරෙහිව පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරුන්, වෘත්තීය සමිති මෙන්ම පාක්ෂිකයන් ද ඉදිරිපත් කර ඇති පැමිණිලි හේතුවෙන් කැබිනට් සංශෝධනයක් හරහා සිවිල් සංවිධාන මෙන්ම ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායම් සැනසිම මෙම සංශෝධනයේ මුලික අරමුණ වි තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකරන බවට ජනාධිපතිවරයා සිවිල් සංවිධානවලට ප්‍රතිඥාවක් දුන් බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය ද පසුගියදා අනාවරණය කර තිබුනා.

ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් කීපදෙනකුට බරපතළ චෝදනා එල්ල වී තිබෙන බවත් ඇතැම් අමාත්‍යාංශ නිසි කාර්යක්ෂමතාවකින් වැඩ නොකරන බවත් සඳහන් කරමින් වහාම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලා සංදේශයක් ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමාට භාරදුන් බවද මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය.

ඇමතිකම් වෙනස් වෙන්නේ කාගෙද? බලාපොරොත්තුව වන්න 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment