ශ්‍රීලනිපයේ ප්‍රවර්ධන වැඩසටහන මහරගමින් අරඹයි

ශ්‍රීලනිපයේ ප්‍රවර්ධන වැඩසටහන මහරගමින් අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රවර්ධන වැඩපිළිවෙළ ලබන 03 වැනි දා මහරගම නගරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේදී පෙරේදා (31) රාත්‍රී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුව රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට ඉඩ ලබානොදෙන බවට ද තීරණය කර තිබේ.

එහිදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු කෝප් කමිටු වාර්තාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment