රටේ ඉඩම් මංකොල්ලය පසුපස ඇමැති ෆයිසර් හා පවුලම ..

රට තුළ සිදුවන මහා ඉඩම් මංකොල්ලයට පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා සහ ඔහුගේ පවුලේ උදවිය සම්බන්ධ බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (01 වැනිදා) චෝදනා කර සිටියහ.

එහෙයින් ඔහු ඇමැති ධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ශ්‍රී පාදස්‌ථානය අවට ඉඩමක හෝටලයක්‌ ඉදිකිරීමේ සිද්ධියට අදාළ ඉඩම් ගනුදෙනුව පිටුපසත් තවත් ඉඩම් ගනුදෙනු රැසක්‌ පිටුපසත් සිටින්නේ ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා බවත් අලුත්කඩේ උසාවිය පැත්තේ ගැවසුණහොත් ඒ පිළිබඳ දැනගත හැකි බවත් උන්වහන්සේ කීහ.

නීතිඥ ලෝගුවට මුවාවී ඔහු දිගින් දිගටම මේ වංචාවන් සිදු කරන බවටත් ඔහු මුල මැද අග නැති ‘ගනුදෙනු’ කර ආයෝජකයන් මුලා කර ඇති බවටත් ඥනසාර හිමියෝ චෝදනා කළහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ එම අදහස පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

රාජපක්ෂලාට මඩ ගහන්න ගිහින් හත්පොලේ ගා ගත් සිරිසේනගේ හුජ්ජ කොල්ලෝ



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment