රාජ්‍ය ආයතන 5ක සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වයි

රාජ්‍ය ආයතන 5ක සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වයි

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (ශ්‍රීලංගම) ඇතුළු රජයේ ආයතන 6ක සේවකයන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් යටතේ වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීම වෙනුවෙන් රුපියල් තුන්සිය පන් කෝටි විසිනව ලක්ෂ අසූ දහසක මුදලක් අනුමත කරන ලෙස ඉල්ලා රජය විසින් පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් කෝටි 242ක ප්‍රතිපාදනයක් ඉල්ලා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ. මීට අමතරව ලංකා සිමෙන්ති සමාගමේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා වන්දි ගෙවීමට රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක්ද, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා වන්දි ගෙවීමට රුපියල් තුන්කෝටි දහනව ලක්ෂ පනස් දහසක්ද, ජාතික කඩදාසි සමාගමේ සහ වාලච්ච්නේ කඩදාසි කම්හ‍ලේ සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් විසිනව කෝටි පන් ලක්ෂ තිස්දහසක්ද ප්‍රතිපාදන ලෙස ඉල්ලා කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

සීමාසහිත ලංකා සළුසල සමාගමේ සේවකයන් ස්වේච්ඡා වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් විසිනව කෝටි අනූදෙලක්ෂයක ප්‍රතිපාදනයක්ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා ඇත.

ඇමැති මණ්ඩල තීරණයකට අනුව මෙම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළව වන්දි ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ. 

ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පසුගිය 28 වන දා මෙම පරිපූරක ඇස්තමේන්තුව පර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment