වකුගඩු රෝගයට හේතු සෙවීමට පේරාදෙනිය සරසවියට පර්යේෂණායතනයක්

වකුගඩු රෝගයට හේතු සෙවීමට පේරාදෙනිය සරසවියට පර්යේෂණායතනයක්

දිස්ත‍්‍රික්ක 12ක පැතිර පවතින වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම සදහා චීන රජයේ සහයෝගය මත පේරාදෙනිය විශ්වවිද්‍යාල භූමියේ පර්යේෂණායතනයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන විද්‍යා පර්යේෂණායතනයට අනුබද්ධව පිහිටුවන මෙම පර්යේෂණායතනය සදහා අක්කර 7 1/2 භූමියක් යොදාගනු ලබයි. ඒ සදහා චීන රජයෙන් ලැබෙන මුදල අමෙරිකානු ඩෝලර් බිලියනයකි. 

සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා චීනයේ කළ සංචාරක දී එම පර්යේෂණායතනය ඉදිකිරීම සදහා වූ ගිවිසුමකට චීන විද්‍යා පර්යේෂණායතනය සමග අත්සන් කර ඇත. 

මෙම ව්‍යාපෘතිය යටතේ ජංගම රසායනාගාර දෙකක්, වකුගඩු ශල්‍යකර්ම සිදු කිරිම සදහා භාවිත කරන උපකරණ සහ වකුගඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම පිළිබදව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා පුහුණුවක් ලබාදීම ද මෙහිදී සිදු කරන බව අමාත්‍යවරයා පවසයි. 

ඇහැලියගොඩ දිසා රෝහලේ ඉදිකිරිමට යෝජිත පස්මහල් ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ (31) සහභාගිවෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment