උඩරට දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් - දුම්රිය ගමන් අත්හිටුවයි

උඩරට දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් - දුම්රිය ගමන් අත්හිටුවයි

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ බලන අතර දුම්රිය මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු රඹුක්කන දක්වා සීමා කර තිබේ.

එය යථා තත්ත්වයට පත්වන තෙක් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර සීමා කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

අද (02) පෙරවරු 7 ට පමණ කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ගමන් කිරිමට නියමිතව තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සහ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ද මේ හේතුවෙන් අවලංගු කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment