දුම්රිය ගේට්ටුකරුවන් අදත් වර්ජනයේ

දුම්රිය ගේට්ටුකරුවන් අදත් වර්ජනයේ

ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුව පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (01) දිනට ද ක්‍රියාත්මක කර තිබේ.

ඒ, සිය වැටුප රුපියල් 14,000ක් බවට පත් කරන ලෙස රජයට බලකරමිනි.

මෙම වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග පිහිටි ස්ථාන රැසකම වාහන ධාවනය අවධානම් වී තිබේ.

ඇතැම් ස්ථානවල ප්‍රදේශවාසීන් විසින්ම දැන්වීම් පුවරු අලවා එම හරස් මාර්ගයන්හි ගමන්ගන්නා මගීන්ව හා රියදුරන්ව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

හැටන් - රංජිත් රාජපක්ෂ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment