වතු සේවා සංගමෙන් සාමුහික ගිවිසුමට යෝජනා භාරදෙයි

වතු සේවා සංගමෙන් සාමුහික ගිවිසුමට යෝජනා භාරදෙයි

වතු කාර්යය මණ්ඩල නව සාමූහික ගිවිසුමට අදාළ යෝජනා ලංකා සේව්‍ය සම්මේලනය වෙත බාර දුන් බව ලංකා වතු සේවා සංගමය පවසයි.

මෙරට වැවිලි කර්මාන්ත කේෂ්ත්‍රයේ සේවා නියුක්තිකයන්ගේ වැටුප් හා සේවා කොන්දේසි තීරණය කරනුයේ සේව්‍ය සේවක දෙපාර්ශවය විසින් වසර කිහිපයකට වරක් අත්සන් කරනු ලබන සාමූහික ගිවිසුම් වලින් බව එම සංගමය  සඳහන් කළේය.

වැවිලි කර්මාන්තයේ ලිපිකරු, සුපරීක්ෂක, සෞඛ්‍ය, කම්හල් හා තාක්ෂණ සහ නඩත්තු හා උපකාරක යන සේවා අංශ මෙම ගිවිසුම මගින් අවාරණය කෙරෙයි.

මෙම දෙපාර්ශවය වෙනුවෙන් වසර 03ක් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ සාමූහික ගිවිසුම පසුගිය සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ අතර නව ගිවිසුම ඉදිරි වසර 02ක් සඳහා අත්සන් තැබීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment