තුවාලකාරියක් රෝහලට ගෙනියන්න බෑ කිව්ව ත්‍රිරෝද රථ රියැදුරාට නඩු


යතුරුපැදියක හැපී තුවාල ලබා සිටි කාන්තාවක රෝහලට රැගෙන යෑම ප්‍රතික්ෂේප කළ ත්‍රිරෝද රථ රියැදුරකුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව වැලිගම පොලිසිය පවසයි.

මාතර ගාල්ල පරණ පාරේ මහා වීදිය ප්‍රදේශයේදී

මෙම කාන්තාව පාර මාරුවෙමින් සිටියදී යතුරුපැදියක හැපී තුවාල ලබා පාරේ වැටී ඇත.
ඒ අවස්ථාවේ එතැනින් යෑමට පැමිණි මාතර කොට්ඨාස මහාමාර්ග ඒකකයේ පොලිස් සැරයන් එස්. ජයලත් (30276), පොලිස් කොස්තාපල් ජී. විජේසිරි (35240), නිලධාරීන් ඇය දැක, රෝහලට රැගෙන යෑම සඳහා අදාළ ත්‍රිරෝද රථය නවතා තුවාලකාරිය රෝහලට රැගෙන යන ලෙස ඉල්ලා සිටියද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම ත්‍රිරෝද රථ රියදුරු 24 හැවිරිදි අයෙක් වන අතර ඔහු වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක මිලාන් ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් අනුව රියැදුරුට විරුද්ධව අද (10දා) මාතර අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.

කඹුරුගමුව - එස්. එම්. බන්දු
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment