සිල් රෙදි නඩුවට මැ.කො. දුන් සාක්ෂිය

සිල් රෙදි නඩුවට මැ.කො. දුන් සාක්ෂිය

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා විහාරස්ථානවලට නීති විරෝධී ආකාරයට සිල්රෙදි බෙදාදීමේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට එරෙහි නඩුවට අදාළව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (23) අධිකරණයට සාක්ෂි ලබාදී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු එම්.බී කරුණාතිලක මහතා ඉදිරියේ මෙම සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු දේපළ භාවිතා කිරීම වැළැක්වීමට විශේෂ චක්‍ර ලේඛයක් තමා විසින් නිකුත් කළ බව මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති ලේකම්වරයා, සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එම චක්‍ර ලේඛය පිළිපැදීමට හා ආරක්ෂා කිරීමටත් බැඳී සිටින බව ද හෙතෙම සිහිපත් කළේය.

එහිදී විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා සිල් රෙදි බෙදාහැරීමක් ගැන තමාට පැමිණිල්ලක් ලැබුණු බවත් තමා එය වැළැක්වීමට තමාට හැකි අයුරින් ක්‍රියා කළ බවත්ය.

 

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment