ජාතියේ මහා ගාන්ධර්වයාණෝ අමරදේවයන් දිවි සැරියෙන් සමුගනී

ජාතියේ මහා ගාන්ධර්වයාණෝ
අමරදේවයන් දිවි සැරියෙන් සමුගනී



අද උදෑසන  අසනීප තත්ත්වයක් හේතුවෙන් රොහල් ගත කළ ආචාර්ය ඩබ්.ඩී. අමරදේවයන් අභාවප්‍රාප්තවූ බව ශ්‍රී ජයවර්ධන රෝහල් ආරංචි මාර්ග දන්වා සිටියා. ඔහු මිය යන විට 88 වැනි වියේ පසුවිය. 1925 වසරේ
දෙසැම්බර් මස 5 දා මොරටුවේ උපතලද අමරදේවයන්ගේ මුල් නම වූයේ  ඇල්බට් පෙරෙරායි.
සිංහල සංගීතය වෙනුවෙන් අනූපමය මෙහෙයක් ඉටුකළ පුද්ගලයන් අතර මුල් තැන අමරදේවයන්ට හිමිය.
මාලදිවයිනේ ජාතික ගීයේ සංගීත නිර්මාපකයා වන්නේද අමරදේවයන්ය. පිලිපීනයේ, ඉන්දියාවේ, ප්‍රංශයේ සම්මානයට පාත්‍ර වී ඇති අමරදේවයන් ශ්‍රි ලංකාවේ දේශමාන්‍ය, කළා කීර්ති ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත.
අමරදේවයන් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment