අද රාත්‍රියේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අද රාත්‍රියේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අද (05) රාත්‍රියේ කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

ජල නල පද්ධතියේ හදිසි අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 9.00 සිට හෙට (06) අලුයම 5.00 දක්වා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇති.

බේස්ලයින් මාර්ගයේ නව කැළණි පාලම අසළ සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස සහ සියලු අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන අතර හෙට්ටිවීදිය සහ ඒ අවට අතුරු මාර්ග, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලට ද මෙය ක්‍රියාත්මකය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment