ඇමති මණ්ඩලයේ ලොකු වෙනසක් - පුටු මාරුව ජනවාරි මුල

ඇමති මණ්ඩලයේ ලොකු වෙනසක් - පුටු මාරුව ජනවාරි මුල

2017 ජනවාරි මුල් සතියේදී කැබිනට් මණ්ඩල පුටු මාරුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කිහිප දෙනකු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගණනාවක් විසින් නායකයන් දෙපළ වෙත ඉදිරිපත් කර ඇති චෝදනාද, පාර්ලිමේන්තුවේදී ඔවුන්ට එරෙහිව එල්ල කර ඇති විවේචන පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගිය 22 වනදා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය කෙරෙහි අවධානය යොමුකර තිබේ.

මෙම අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් සම්මුතිවාදයෙන් බැහැරව කටයුතු කිරීම නිසා යහපාලන ජාතික රජයේ පැවැත්මට බරපතළ බාධා එල්ලවන බව රාජ්‍ය නායකයන් දෙපළගේ අදහස වී තිබේ. කෙසේ වුවද මේ පිළිබඳව තීරණයකට එළැඹීම අයවැය විවාදය අවසන් වනතුරු කල් තැබීමට නායකයන් දෙපළ එකඟතාවකට පැමිණ තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment